Book Description
විදෙස් සංචාරයකදී තමන් ලද අත්දැකීම් සංචාරයත් සමඟ නිමාවන්නට නොදී එ් පිළිබඳ පාඨක ප්‍රජාව වෙත යම් දැනුමක් ලබාදීමේ අරමුණෙන් කතුවරිය මෙම කෘතිය සම්පාදනය කරන ලදී.ලොව පැරණිම ශිෂ්ටාචාරයකට හිමිකම් කියන, පැරැුන්නන් මිසරය නමින් හැඳින්වූ ඊජිප්තුව, වර්තමානයේ විශාල සංචාරක ආකරශනයක් දිනා ඇති රටකි. එහි පවත්නා ලෝක ප්‍රකට පිරමීඩ ගැන අපි කුඩා කාලයේ සිට අසා ඇත්තෙමු. පිරමීඩ හා සමානව ආදී මිසර වැසියන් විසින් කර ඇති ලොව මවිත කරන නිර්මාණ දැකගැනීමෙන් පසු එ් සම්බන්ධ වැඩිදුර තොරතුරු ගවේෂණය කිරීමට යොමු වීමෙන් කතුවරිය ලබාගත් දැනුම තවත් විශාල පිරිසකට තිළිණ කරන්නට මෙම කෘතිය සමත් වනු ඇතැයි අපගේ විශ්වාසයයි. පොතට ඇතුළත් කර ඇති ඡුායාරූප මගින් පාඨකයන්ට මනසින් හෝ එම ස්ථානවලට ප්‍රවේශ වීමට අවකාශ සැලසී ඇත.
ආදී මිසර වැසියන්ගේ ඇදහිලි ක්‍රම, මමීකරණ කි‍්‍රයාවලිය, සොහොන් ගැබ් නිර්මාණය, ඊජිප්තු කෞතුකාගාරය, සූවස් ඇළ, ඇලෙක්සැන්ඩි්රයාවේ උමං සොහොන්, ගීසා හි මහා පිරමීඩ, ෆිලේ දේවාලය, අස්වාන් උස් වේල්ල, කොම්ඔම්බෝ දෙවොල, එඞ්ෆු දෙවොල, ටූටන්කාමන් සොහොන් ගැබ ඇතුළු තවත් බොහෝ කරුණුද මේ කෘතියේ අන්තර්ගත වේ.
--------------
”කුතුහලයෙන් පිරි නවකතාවක් හෝ කෙටිකතාවක් එක හුස්මට කියවා නිම කරන තුරු පාඨකයෙකු තුළ හටගන්නා නොතිත් ආශාව මෙම කෘතිය කියවීමේදීද ඇතිවනු නොඅනුමානය. සංචාරක අපූර්වත්වය විඳ ගැනීමත් සමඟ ම දැනුම උකහා ගැනීමත් යන කරුණු දෙකම පාඨක මනසෙහි ඉතා පැහැදිලි ලෙස රඳවනු සඳහා මෙම ලේඛිකාව ලොකු කුඩා කා හට වුවද මැනවින් ගෝචර වන බස් වහරක් යොදාගෙන තිබීම මෙම කෘතියේ සාර්ථකත්වයේ පදනම ලෙස සඳහන් කළ හැකිය.”
- මහාචාර්ය ලීලානන්ද පේ‍්‍රමතිලක
Book Details
ISBN 10 | : 9553114237 |
---|---|
ISBN 13 | : 9789553114235 |
Author | : Kanthi Wijethunga |
Translator | : - |
Publisher | : Sarasavi Publishers |
Author2 | : Kanthi Wijethunga |
Language | : SINHALA |
Customer Review No of reviews (0)
5 Star 0 | |
---|---|
4 Star 0 | |
3 Star 0 | |
2 Star 0 | |
1 Star 0 |
People who liked this also liked...
Write Your Own Review
You're reviewing: Inside Apple
Price: LKR. 375.00