BUDDHAGAMA HADUNAGAENEEMA

BUDDHAGAMA HADUNAGAENEEMA

LKR1,450.00

More Information

Language Sinhala
Author BELLANWILA WIMALARATANA HIMI
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789553107626
ISBN 10 9553107621

Details

"බුදුන් වහන්සේ දර්ශනය පමණක් උගන්වන ලද්දේ නම් එයට වැඩිදුර යාමට ඉඩ නොතිබිණි. සාරානාත් හි මිගදායේ දී ප්‍රථම ධර්ම  දේශනාවෙන් බුදු සමය වැළඳ ගනු ලැබූ පස්වග තවුසන්ගෙන් ආරම්භ වූ සඟ පරපුර මහා සංවිධානයක් බවට පත්විය. උන්වහන්සේගේ ධර්මය වර්ෂ ගණනාවක් තුළ ග්‍රන්ථාරූඪව තිබුනේ නැත. එය සංඝයා විසින් කටපාඩම් පරපුරෙන් පරපුරට ගෙන එනු ලැබීය. ශත වර්ශ ගණනක් තිස්සේම, බෞද්ධ ධර්මයේ වැදගත්කම නිදර්ශනාත්මකව මහ ජනතාවට පෙන්වනු ලැබුවේ මේ සංඝ සමාජයයි. මේ බැතිමත් අය පූජකයෝ නොවෙති. ඔවුහු අනුන් වෙනුවෙන් යාඥා කිරීමට මැදිහත් වන ලෝකෝත්තර බලයක් ඇති අය නොවෙති. බුදුසමය අනුව එහි උසස් දියුණුව පෙන්වා දෙනු ලබන්නේ ඔවුන් විසිනි. බුදුන් වහන්සේ මීට අවුරුදු දෙදහස් පන්සියයකට පෙර බෞද්ධ ඉගැන්වීම් ඇරක්ෂා කර පවත්වාගෙන යාමට සංඝ සමාජය පිහිටුවනු ලැබුවේ නැතිනම් සාමාන්‍ය ජනතාව අතර එය ඉතා සුළු කාලෙකින් නැතිවී යනු ඇත. ගේ දොර අතහැර පැමිණ කසාවතින් සිටින මෙම සංඝයා වහන්සේ පිණ්ඩපාත පාත්‍රයක් රැගෙන තමන්ගේ ශේෂ්ඨ නායකයා වෙනුවෙන් ලෝකයේ විශාල කොටසක් පාලනය  කරති."