MATAMA AHIIMI MAMA 2

21%
LKR700.00LKR553.00

More Information

Language Sinhala
Author PRIYANKA AMARATHUNGA
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789553114792
ISBN 10 9553114792

Details

පි‍්‍රයංකා අමරතුංග මහත්මිය විසින් රචිත කොටස් තුනකින් යුතු ‘මට අහිමි මම’ කෘති පෙළේ දෙවැන්නයි. මෙය මීට පෙර ‘මා ද ඔබම විය’ නමින් ටෙලි සිතුවමක් ලෙස ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය විය. ------------------ ”මං හැමදාමත් ඔයාට ආදරෙයිනෙ සුබා. ගමේ මිනිසුන්ගෙන් අවමන් විඳ විඳ හැදෙනවට වඩා දරුවා අපේ ළඟ සැපට හැදේවි. ඔයාට ඕන වෙලාවක ඇවිත් බබාව බලලා යන්න පුළුවන්.” ”දරුවා දකින දකින වාරයක් පාසා අප‍්‍රසන්න අතීතයක් මගේ හිතට එනවා තමයි තාරිකා අක්කෙ... එ්ත් එහෙමයි කියලා මට මගේ දරුවව දීලා අත් දෙක පිහගෙන ගෙදර යන්න පුළුවන්ද? මම අම්මා කෙනෙක්!” ”දෙන්න බැරි නම් තියාගන්න කියන්න... ඊට පස්සෙ වෙන දේවල් මං දැනටමත් එයාට තේරුන් කරලා දීලා තියෙන්නෙ.” සුභාෂිණීට ළය පුපුරා යන්නාක් මෙන් වේදනාවක් දැනිණ. කිසිවක් සිතා ගත නොහැකිව ඇය මව දෙසද බැලූවේ පිළිසරණක් බලාපොරොත්තුවය. ”ආයෙ දරුවට කිරි දෙනව නම් දීලා, නෝනට දරුවා බාර දීපන් මයෙ අම්මා. පසුගිය ආත්මෙක උඹයි මමයි අපි ඔක්කෝම එකතු වෙලා කළ පාපකර්මයක් තමයි මේ පල දෙන්නෙ!” සුභාෂිණී දරුවා ළයට තුරුලූ කර ගත්තාය. රූපවතී මෙන්ම තාරිකාද කඳුළු පිස ගත්තේ, සුභාෂිණීගේ සිත තවත් පීඩාවට පත් නොකරනු පිණිසය.